Sunday, November 3, 2013

෴ ලෝකෙ තියෙන ලොකුම සැප ෴

වරක් රජ්ජුරුවො ඇහුවලු අන්දරේගෙන් මෙහෙම.

"ලෝකෙ තියෙන සැපම දේ මොකද්ද?"

"රජතුමනි බොගදාන එක"

"ඒ කොහොමද බොල?"

"ඉන්නකො රජතුමනි, මං දවසක ඔප්පු කරලා පෙන්නන්නම්"

ඉතිං, පස්සෙ දවසක අන්දරේ රජතුමාගෙන් අවසර ඉල්ලුවලු රාජභෝජනය උයලා දෙන්න. රජතුමත් කැමති වෙලා ඔන්න දැන් දවසක අන්දරේ හැදුවලු කෑම. හොඳම එකෙන් රසයි ලු. ඉතිං රජත් ගිල්ලලු මදි නොකියන්න.

ඕන්න දැං රජා හොදට සප්පායම් වෙලා ඉවර වුනාලු.

"රජතුමනි කොහොමද කෑම?"

"විශිෂ්ටයි බොල, කෑවයින් කෑවෙ නෑ එහෙම කෑමක්"

ඉතින් ටිකකින් අන්දරෙ අවසර ඉල්ලුවලු රජතුමාගෙ වැසිකිලිය පාවිච්චි කරන්න. වෙන කාටවත් දෙන්නෙ නැති වුනාට රජා අන්දරේ ඉල්ලුවම කරන්න පුලුවන් දේවල් කරනවනෙ. (බැරි දේවලුත් කරන්න පුලුවන් කරලා කරනවාත් ඇති). ඉතිං අවසර දුන්නලු.

අන්දරෙ වැසිකිලි ගිහින් මොහොතක් ගියෙ නෑලු. රජතුමාට හෙන බොගක් සෙට් වුණාලු. අන්දරේ ඇතුලෙ. රජා නිසා වෙන වැසිකිලියකට යන්න විදියක් නෑලු. ඉතින් තට්ටු කලාලු දොරට.

"අන්දරේ, ඉක්මනට වරෙන් බං එලියට"

"අනෙ පොඩ්ඩක් ඉන්න රජතුමනි"

ඔන්න ඉතිං රජතුමා පොඩ්ඩක් ඉවසා වදාරගෙන හිටියලු. ටිකකින්

"අන්දරේ, යකෝ ඉක්මනට වරෙන් එලියට"

"අනෙ තව පොඩ්ඩක් ඉන්න රජතුමනි"

ඔහොම දැන් සෑහෙන වෙලාවක් වුනාලු. අන්තිමට රජතුමා ඉවසා වදාරගන්න බැරිම තැන කෑගැහුවලු.

"වර යකෝ එළියට, තෝ මගේ රාජ ගෞරවයත් කෙලසන්නද බොල හදන්නෙ"

කරල පැහිලා හොඳටම කියලා දැනගත්ත අන්දරේ,

"මේ එනවා, මේ එනවා"

කියලා එලියට වැඩියලු ( එහෙම වෙලාවට ඇතුලෙ ඉන්න එකා දෙවියෙක් වගෙ නෙ. ඉතින් එලියට එනවා නෙමෙයි, වඩිනවා)

අන්දරේ ආපු ගමන් රජා රිංග ගත්තලු ඇතුලට. ටිකක් වෙලාවකින් අන්දරෙ දොර ලඟට ගිගින් මෙහෙම අහනවලු.

"රජතුමනි, මං කිව්ව එක හරි නේද?"

"මොකද්ද බොල?"

"ලෝකෙ තියෙන ලොකුම සැප බොග දාන එක කියලා කිව්වෙ"

"අම්මපා ඔව් යකෝ ඔව්, මේක තමා ලොකුම සැප"
ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...

ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....

පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..

ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....

පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?

ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....

පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?

ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...

පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...

ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...

පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?

ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....

පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...

ඉංජිනේරුවා : ඔව් ඔව්...

පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?

ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....

පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....
ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...

ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....

පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..

ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....

පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?

ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....

පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?

ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...

පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...

ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...

පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?

ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....

පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...

ඉංජිනේරුවා : ඔව් ඔව්...

පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?

ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....

පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....
මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..

කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..

"මංගල සභාවෙන් අවසරයි.. හිතවත් බවක් පෙන්වන නෑදෑවරුනි, හිතවතුනි, මිත්‍රවරුනි, මවුවරුනි, පියවරුනි, සහෝදරියනි. මට පෙන්න බැරි දෙයක් තමා මගුල් ගෙදරකට ආවම කතාවක් කරන්න කියලා මට කරදර කරන එක.කොහොම වුනත් කතාවක් කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා කියලා කියන්නම්.(හිත යටින් 'නොදකින් මෙහෙම කරුමයක්' කියලා මටම කියාගන්න ගමන්).."

"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! හොදට කල්පනා කරලා බලන්න. තනියෙන් ජීවත් වෙන්න තියෙනවනම් කොච්චර ජොලිද.? ආශාව තියෙනකම් එකට ඉන්නවා. එපා කියලා හිතුනාම දාලා ගිහින් වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා. ආන්න එහෙම තමන්ට කැමති පරිදි ඉන්න තියෙන නිදහස මේ විවාහය කියන කෙහෙල්මල් බැදීම නිසා අපිට නැති වෙනවා. ගෑනි හොද වුනත්, නරක වුනත් අපිට බැදගත්ත බෙරේ ගහන්න වෙනවා.."

"ඇත්තම කියන්න, පිරිමින් වශයෙන් අපි කොහෙත්ම කැමැත්තක් නෑ විවාහයෙන් හිර වෙලා අපේ නිදහස නැති කරගන්න.නමුත් මේ බලවත් උදවිය තමා කොහොමහරි අපිව පටලවාගෙන අපිව සදාකාලිකව සින්න කරගන්න පොතේ කුරුටු ගාන්න දගලන්නේ. ඉති අපි උන්ට කන්න අරන් දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරක අරන් දෙන්න කිව්වම ඒක අරන් දෙන්න ඕනේ.. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. අපිට වෙන ගෑනියක් දිහා බලන්නවත් දෙන්නේ නෑ.. ඔන්න ඕකයි අපිට මේ කෙහෙල්මල් විවාහයෙන් ලැබෙන කජ්ජ.."

"කොහොම වුනත් මේ විවාහ මංගල්‍යය උත්සවය ඉතාමත් සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. මනාල මහත්තයත් එක්ක එන අතර මගදී කාර් එකේ ටයර් එකක් ගියා. තවත් තැනකදී පැට්‍රොල් හිර වුනා. ලගටම එනකොට එන්ජිම නැවතුනා.අපි ඔක්කොම බැහැලා දැම්මා නේද තල්ලුවක්.මනාල මහත්තයා තල්ලුව දානකොට ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික දැම්මා නේද මාර හූවක්.. දත් කුට්ටම ටිකක් බුරුල් හින්දා මිසක් අපේ මනාල මහත්තයා හොදවායින් දෙකක් නොකියා ඉන්නේ නෑ.."

"අපි මෙහෙට සම්ප්‍රාප්ත වෙන කොට පත්තු කරපු රතිඤ්ඤා වලින් හුගක් වලින් ආවේ පුස් හඬක්. රබාන පැලුණු හඬ අපිට කාර් එක ඇතුලෙදීම ඇහුනා.ජයමංගල ගාථා කියපු ගෑණු ළමයින්ගෙන් කොනේම හිටිය ගෑණු ළමයනම් හැඩයි.අනිත් අයනම් හරිම ගොරක තමා. ගාථා කිව්වෙත් වරද්ද වරද්දා.."

"අපිට වාඩිවෙන්න දුන්නු පුටු වල.. මගේ අම්මේ එහෙම මකුණෝ ගොඩක්!! මං වාඩි වෙච්ච පුටුව කැඩිලා.මගේ පස්ස පැත්ත තවම රිදෙනවා පුටුව කඩාගෙන බිම වැටුණු පාර. වෙඩින් කේක් වල තිබුනේ මුද්දරස්පලම් නෙවෙයි. රට ඉදි! කිරිබත් පිළුණු වෙලා හොදටම.මං හිතන්නේ මංගල්ලේ ජයට ගන්න කලින් ඉදන්ම සූදානම් වෙලා හිටිය හින්දා වෙන්න ඇති. කැවුම් හදලා තිබුනේ සීනි දාලා. මෙහෙට කොහෙන්ද කිතුල් හකුරු..!!"

"මේ සාර්ථක විවාහ මංගල්ල්‍ය උත්සවේ ගැන මං වැඩි වෙලා කතාකරන්න කැමති නෑ. මොකද මට පේනවා මනමාල මහත්මිය කොච්චරවත් බිත්ති ඔරලෝසුව දිහා බලනවා. ඒක හිතලද යන්න හදිසිද කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම උනත් සාමාන්‍ය සිරිත අනුව මනමාල මහත්මයා ගැන සදහන් කරන එක මගේ යුතු කමක්. මනමාල මහත්මිය ගැන යමක් කීමට මා දන්නේ නෑ.මං හිතනවා ඒක මගේ වාසනාවක් මෙන්ම අප කාගේත් වාසනාවක් කියලා! කොහොම උනත් සදහන් නොකරම බැරි දෙයක් තමා.. 'සමාවෙන්න., මනමාල මහත්මිය මගේ කකුල කෙනිත්තුවා.-ඌයී!! රිදෙනවා!!' කමක් නෑ. එයා අකමැති හින්දා මං එයා ගැන මොනවත් කියන්නේ නෑ.."

"අපේ මනමාල මහත්මයා ගැන යමක් සදහන් කරනවානම්.., මං කියන්න කැමතියි, අද මේ අවස්ථාවේ විතරක් නෙවෙයි, එයාගේ මනමාලකම් හැමදාමත් එක වගේ තමා.. මං පුංචි කාලයේ ඉදන්ම මේ මනමාල මහත්තයාව ලගින්ම ආශ්‍රය කරා. මොකද එයාගේ ගේ තියන්නේ අපේ ගේ කිට්ටුවම. අපේ තාත්තා මනමාල මහත්මයා ඉපදෙන්නත් ඉස්සර ඉදන්ම එයාගේ මව සමග කිට්ටු ආශ්‍රයක් තිබුනා.අපේ අම්මා කොච්චර ගෝරි දැම්මත් තාත්තා නෙවෙයි ඒ සම්බන්ධෙ අතහැරියේ.අපේ පවුල් දෙක අන්නෝන්‍ය වශයෙන් එහෙම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබුණු හින්දා මට බය නැතුව මනමාල මහත්මයා ගැන කතා කරන්න පුළුවන්.."

"සමහර ගුරුවරු මෙයාට කොච්චර කැමතිද කියනවනම් එකම පන්තියේ අවුරුදු හතර පහ තියාගත්තා.ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හම්බවෙනකම් මෙයා නිකම් හිටියේ නෑ.මෙයාගේ තාත්තාට ජේ.පී. පට්ටම ලැබුනායින් පස්සේ හරක් හොරකම නතර කරලා පියාගේ රාජකාරිය බාර ගෙන ඊටත් හොදින් සේවය ඉටු කරා.."

"මේ මනමාල මහත්තයා දක්ෂතාවයන් කිහිපයක් තියෙන පුද්ගලයෙක්. ' ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියන අලගියවන්න මුකවෙටි කවියාගේ කියමන මෙයා හින්දා බොරු වෙනවා. එකකට එකක් වෙනස් රස්සාවල් සිය ගණනක් මෙයා කරලා තියෙනවා.එක රස්සාවක් මාසෙකට වඩා මෙයා කරේ නෑ.රස්සාවල් දුන්නු අය බංකොලොත් වුනා මිසක් මෙයා නෙවෙයි බංකොලොත් වුනේ.."

"මෙයාට පොලිසිය ගෙදර වගේ. උසාවිය සෙල්ලම් පිට්ටනිය වගේ.හිරගෙදර ක්ලබ් එක වගේ.ඉස්පිරිතාලය රෙස්ට් හවුස් එක වගේ.මෙයාට කොතනත් එකයි.කොතනත් ජනප්‍රියයි.."

"මෙයාගේ අත් අකුරු ලස්සනයි කියලා මගේ කනටම ඇහිලා තියෙනවා ගෑණු ළමයි සියගණනක් කියනවා.නමුත් එකම ගෑණු ළමයෙකුටවත් මාසෙකට,දෙකකට වඩා අහුවෙන්නේ නැතිව බේරිලා සිංහල සංස්කෘතිය අනුව මේ විවාහයට කැමති වීමට තරම් මෙයා කීකරු හැදිච්ච කමක් තියෙන කෙනෙක් වීම ගැන මනමාල මහත්මියගේ පැත්තේ අය සන්තෝස වෙන්න ඕනේ.."

"මේ මනමාල මහත්මයා තරම් යුතුකම් ඉටු කරන පුද්ගලයෙක් මං ජිවිතේට දැකලා නෑ. එක් කෙල්ලෙක් සමග සම්බන්ධ කම් පවත්වද්දී අත්වැරැද්දකින් ඒ ගෑණු ළමයට පොඩි බබෙක් ලැබුනා.මේ පොඩි බබෙක්!! එච්චර ලොකු නෑ!! පොඩි අත්වැරැද්දක් වුනත් මේ මනමාල මහත්මයා නොසලකා හිටියේ නෑ.අද වුනත් පඩියෙන් භාගයක්ම මෙයා ඒ ගෑණු ළමයටයි, ඒ අත්වැරද්දෙන් ලැබුණු දරුවටයි වියදම වශයෙන් දෙනවා. ඒ කොහොම වුනත් මේ මනමාල මහත්මියට තියෙන කුළුදුල් ආදරේ හින්දා මේ විවාහයට මනමාල මහත්මයා....."

මගේ කතාව නතර කල මනමාලිගේ පියා 'පොඩ්ඩක් ඔහොම ඉන්න' කියා කාමරයට ගියේය.මොහොතකින් ඔහු එලියට ආවේ තුවක්කුවක් හා පතොරම් කිහිපයක් අතැතිවය.

"මනාලයත් ඒ එක්ක ආපු හැත්තෑ වරිගයත් දැන්ම මේ ගෙදරින් පිටවුනේ නැත්නම් මං එක එකාව බාවනවා!! මේ වගේ වනචරයෙකුට මගේ දුව කෑලි කෑලිවලට කැපුවත් දෙන්නේ නෑ! හොද වෙලාවට හවස කසාදේ රෙජිස්ටර් කරන්න තියාගත්තේ! මැරුම් නොකා පළයව්!! "

යැයි කියමින් ඔහු ගර්ජනය කරන්නට විය.නගුට අමුඩ ගසාගත් අපි වහාම කාර් වලට පැන පිටත් වීමු.අතරමගදී කාර් නතර කල මනාලයාගේ නෑදැයෝ මා වැලදගෙන ඉඹින්නට විය.

"අර වචනය දුන්නු හින්දා මේ මගුල කරන්න ඉදිරිපත් වුනාට මොකද පස්සේ උන් ගැන ආරංචි වෙච්ච ඒවා හැටියට මං හරිම වේදනාවකින් හිටියේ මේ මගුල ගැන. මහත්තයාගේ කතාව නිසා අපි බේරුනා.." මනමාලයාගේ පියා කිවේය.

"උන් දෑවැද්ද දෙනවා කීවෙත් බොරුවට.. මේ ළමයා හින්දා බේරුනේ.." මව කීවාය..

"අම්මලා තාත්තලා මොනවා හරි කරගයි කියන බයට මේ කසාදෙට මං කැමති වුනාට මචන් මේ මගුල වුනානම් මටයි දිවිනහගන්න වෙන්නේ.. මචං උඹ මාව බේරුවා.." මගේ මිත්‍ර මනාලයා කිවේය.

"ඈ මහත්තයෝ.. කතාවේදී කීවා නේද අපේ පුතා කවුද ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා ළමයෙකුත් ඉන්නවා කියලා.. යමුද එහෙ බලන්න.." පියා යෝජනා කළේය..

අපි එහෙ ගියෙමු. මිත්‍රයාගේ මවත් පියාත් නෑදැයෝත් එහෙදි මහත් සතුටට පත්වූහ.

"සීදේවි ගෑණුළමයා.." පියා කීය.

"ලස්සන දරු පැටියා.." මව කීවාය.

"හොද ගේ දොර.." නෑදැයෝ කිවෝය.

"පුතේ.. අද හොද නැකත් දවසේ උඹ මේ ළමයාව බැදගනින්.අපි ඔක්කොම යමු කච්චේරියට.." පියා යෝජනා කළේය. මව ස්ථීර කළාය. මනාලයා යෝජනාව ක්‍රියාත්මක කළේය.. මං අත්පොලොසන් දුන්නෙමි..

ඉස්සර හිටපු ඇත්තටම හිනා යන කතා ලියපු චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ ''නරලොව හොල්මන්'' පොතේ තමයි මේක තියෙන්නේ.කියවනවා නම් අන්න පොත් ..''නරලොව හොල්මන්'' කොටස් 4ක් තියෙනවා.
කෙල්ලෝ ගැන තරහින් ලියමි
මේක ලියන්නේ ගෑනුත් එක්ක පට්ට තරහිනි.තරහින් ලියන නිසා සමහර කාරනා කිසිම තර්කානූකූල බවක් නැතිව පට්ට නෝන්ඩි වීමට ඉඩ ඇත.ඒ උනත් ලියමි.පොස්ට් එක නිසා අනාගැනීමට/නාගැනීමට සෑගෙන පොසිබිලිටියක් ඇත.තරහ ඊට වඩා වැඩිය.මතකතබාගන්න මම මෙහෙම ලිව්වාට කොලුකාරයෙක් නොවෙමි(ගෑනුත් නොව්න පිරිමිත් නොවන කාරයෙකුත් නොවෙමි ).මම පොඩිකාලේ සිටම වැඩිය කෙල්ලො සබ්ජෙක්ට් එකේ හිටපු එකෙක් නෙවේය.(ඒ කියන්නේ මම කොල්ලො සබ්ජෙක්ට් එකේ හිටපු එකෙක් කියලා වරදවා වටහාගන්ට එපාය). මම මොන්ටිසෝරි ගියෙත් නැත.එක වසරේ සිට දහතුන වෙනකංම ගියේ පිරිමි පාසල් වලටය. ටියුෂන් වලදී, බස් එකේදි සහ දහම්පාසලේදී ඇරෙන්ඩ කෙල්ලෙක් එක්ක කතාකරන්ඩ තියා කෙල්ලෙක් කතාකරනවා වත් ඇහෙන්නේ නැත.අනික අපි කොච්චර කතා කලත් උන් උත්තර දෙන්නේ තනිවචනයෙනි. මම වැඩියෙන්ම අහපු වචනේ “බෑ” ය.
කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය. ලපටි උනත් අම්බානක කපටිය. මොකක් හරි වැඩක් අතරමඟ හිර උනොත් උන්ගේ එක්සෙප්සන් පනිනවාය.ඊට පස්සේ මොකුත් කරගන්න බැරුව මොකෙක් හරි කොරලා දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය. කෙල්ලො හිතාගන ඉන්නේ එයාලා හරිම ලාමක ජාතිය කියාලාය.කුනුහරුපයක් එහෙම කියන්නේම නැත. තව සමහරු කියන්න තියා අහලාවත් නැත. බැරිවෙලාවත් කුනුහරුපයක් ඇහුනොත් ප්‍රග්නන්ට් වෙනවාය කියා සිතන කෙල්ලොද ඕනෑ තරම්ය.

ගෑනු මෝඩය. උන් මෝඩ නිසාම උන් එක්ක දෙයක් කතාකරලා විසඳගන්න බැරිය.ගෑනු කොහොමත් වාද වලින් අන්තිමේ දිනනවාය. ඒ උන්ගේ තර්ක කොච්චට මෝඩ උනත් කොච්චර ගොන් කතා කිව්වත් අපිට කොරන්ඩ දෙයක් නැති නිසාය. ගෑනුන්ගේ ගොබ්බ කතාවලට අපට කොච්චර මලපැන්නත් අත පුරවලා හොම්බට දෙකක් අනින්ට බැරිය.ඒ ගෑනුන්ට අතක් ඉස්සුවොත් ගේම ඉල්ල්න්ඩ කාන්තා සංවිදාන හැත්තෑහතරකුත් තව තුනහමාරක් විතර ඉන්න නිසාය.
කාන්තා සංවිදාන මතක් වෙනකොට තවත් ලේ රත්වෙයි.එව්වායේ ඉන්නේ ලිප්ස්ටික් ගාගෙන පිකටින් යන ඇහැක් ගැහුවත් කොල්ලෙක් ලඟට නේන කලටි ඇන්ටිලාය.හොඳම කතාව එයාලා සමතැන ඉල්ලන එකය. අනි අම්මේ ඔය සමතැං කතාව අපිට නොකියා ඔලිම්පික් කමිටුවටවාගේ කිව්වානං හරිය. ඊලඟ ඔලිම්පික් එකේ ඉඳං මීටර් සීය කාන්තා පිරිමි ඉසව් දෙකක් නොතියා දෙගොල්ලෝම එකට දුවන ඉවෙන්ට් එකක් තිබ්බානම් හරිය. එතකොට කාන්තාවන්ට ලැබෙන “සම තැන” බලාගන්ඩ පුලුවන්ය.
සමහර කෙල්ලොන්ගේ පුදුම හැදියාවක්ය. ඒ මදිවට ඔක්කොම නලලේය. කලින් කතාවකත් කිව්වා වගේ උන් යන්නේ බිම බලාගෙනය.ජීවිතේට ඔලුව උස්සලා කොල්ලෙක් තියා නලුවෙක් දිහාවත් බලන්නේ නැතිය.උන්ගේන් යාලුවෙන්ඩ අහලා වැඩක් නැත. යන එන පාරක “අයි ලවු යූ” කියා බිම වැල්ලේ ලිවිය යුතුය.

කොල්ලෝ එක එක මූඩ් ගසති. ඒ උනාට කෙල්ලෝ හැම වෙලේම ඉන්නේ සර්වයිවල් මූඩ්ය. ඕන සීන් එක්කදී කෙල්ලො දඬුවම් විඳින්නේ බොහොම අඩුවෙනි. කොටින්ම කියනවානම් උන් දඬුවම් විඳින්නේ නැති තරම්ය.කැම්පස් කාලයේ කිසිම හේතුවකට සස්පෙන්ඩ් වෙච්ච (පන්ති තහනමකට ලක් වෙච්ච ) කෙල්ලෙක් ගැන මගේ මතකයට එන්නේම නැත.ඔය මොන වැඩේට පස්ස ගැහුවත් මුන්ට සමතැන නං ඕනෑය.කටට කුනුහරුප එන්නේ ඔය කාන්තා විමුක්ති සමතැං වේලිච්ච කලටි පොශ් බඩු ටික මතක් වෙද්දීය.
ඔෆිස් වලනම් අපිට වඩා කාන්තාවන්ට තැනක් ඇත.අපිට ෂෝට ගහන් ඔෆිස් යන්ඩ බැරිය. ආම් කට් ඔෆිස් එකට අඳින්න බැරිය.සෙරෙප්පු දාගෙන යන්ඩ බැරිය. ඒකටත් එක්ක නංගිලාට කිසි අවුලක් නැත.සාය කොච්චර කොට උනත් කාටවත් අවුලක් නැත. අත් කොට නෙවේ උඩට පොඩි පටි කෑලි දෙකක් විතරක් ඇඳන් ආවත් කිසි ප්‍රශ්නයක් නැත.(මම කියන්නේ කෙල්ලන්ට කොටට ගහන් යන්න දෙන්න එපා කියලා නෙවේය, අපිටත් පොඩි සෙරෙප්පු කෑල්ලක් එහෙම ගහන් ඔෆිස් එකට යන්න චාන්ස් එකක් දෙන්න කියාලාය )
අපේ ලකියාට ඔය නිකැලැල් ලයින් දෙන කෙල්ලන්ව පෙන්නඩ බැරිය. ඊටත් වඩා කටගහගෙන එන කෙල්ලෝ උට වහය.කෙල්ලො කටගහගන ආවොත් ඌ මූනටම සරල කුනුහරුපන් බැනලා දායි.
“අනේ පල Hxx යන්ඩ. එනව මෙතන බඩුව වෙන්ඩ.තොගෙ %^$^$&(*(*&)…….. ” ඌ එක දිගට කුනුහරුප වැලක් කියවාගෙන යයි.ඔය වෙලාවට කෙල්ල ලෙන්සුවෙං මූන වහගෙන පැත්තකට දුවයි. සීන් එක වෙලා ටික වෙලාවකින් කෙල්ලගේ තෝල්ක කෙල්ලො සෙට් එක එයි.
“ඔයා කරපු වැඩේ හරි වැරදියි නේද? මොනවා උනත් ගැනු ලමයෙක්ට එහෙම ක්තාකරන එක හරි නෑනේ . ” කෙල්ල දේසනාව පටන් ගද්දිම කලින් කෙල්ලට කියපු ටිකම මේ කෙල්ලටත් කියයි.
“අනේ පල vc යන්න.#@$@%^&^%* තෝ ආවේ මෙතන නඩු කතාකරන්නද **&*&**##….. “ තවත් කුනුහරුප වැලකි.
ඒ නිසා ලකියා ගැන දන්නා ඕන කෙල්ලෙක් ලකියා එක්ක නඩු කතාකරන්ඩ එන්නේ නැත.
කෙල්ලො පිටට ඔහොම පෙන්නුවාට උන් හරි අමුතු ජාතියය.උන් එන්නේ මොකාටද කියලා හිතාගන්ඩ බැරිය.
ඉස්කොලේ කාලේ අවුරුද්දකට සැරයක් දෙපාරක් විතර ක්රීරඩා තරඟාවලි වලට (සිංහලෙන් Tournament වලට ) කොලඹ යැවෙනවාය.අපි නවය වසරේ විතර ඉද්දි ක්රීTඩා තරඟාවලියකට කොලඹ ගියෙමු. කොහොමත් ඔය තරඟාවලි සතියක් විතර ඇදෙන එව්වාය. අපි නැවතිලා හිටියේ සර්වෝදය ආයතනයේ තැනකය. අපි විතරක් නෙවේ තව ඔය කොලඹින් පිටත ගොඩක් ඉස්කෝල වල ක්රීදඩා කන්ඩායම් නවතින්නේ ඔය වාගේ තැන්වලය. අපි සර්වෝදයේ ඉන්නකොට නුවර බාලිකා පාසලක ක්රීඩඩා කන්ඩායමක්ද ඒකේ නැවිතිලා හිටියාය.දවස් තුනක් යද්දි රෑට කන්ඩ කැරම් පාරක් ගහන්ඩ වගේ දෙවල් වලට මුන් අපිත් එක්ක සෙට් උනේය. එකදවසක් කයිය ගගහා ඉද්දි එකපාරටම එකියක් මෙහෙම ඇහුවාය
“මේ ඇත්තද අනේ ඔය බොයිස් ස්කූල් වල සර්ලා ලමයි අතර අනියම් සම්නන්දතා තියනව කියන්නේ.”
එතකොට කොට කලිසම් ගහන වයසේ හිටපු අපි කොර උනෙමු.අපේ එවුන් ඔක්කොම තුෂ්නිම්භූත වෙලා බලාසිටියෙමු. එක්සයිට් වෙච්ච එක්සයිට් විල්ලට වදන් නැතිව විනාඩි පහක් විතර නිස්සද්දව හිටියෙමු. උත්තරයක් දුන්නැත්තං ඉස්කොලෙටත් ඊටත් වඩා අපටත් පට්ට නෝන්ඩිය.හොඳ වෙලාවට අපේ කට තිබ්බ එකෙක්
“අපේ ඉස්කෝලෙ නම් ඔව්වා නෑ. ඒ උනාට මේ ඔය ගෑනු ලමයින්ගේ ඉස්කෝලවල වෙනවා කියන ටෙස්ට් ටියුබ් සිද්දි එහෙම ඇත්තද?”
ඊට පස්සේ උන් අපිත් එකක් කන්ඩ වත් කතාකරන්ඩවත් ආවේ නැත.
ඒ උනාට අර කතාව කියපු කෙල්ලගේ නමයි මූනයි මට තාම මතකය.කොච්චර නාකියෙක් බැඳලා හිටියත් ලමයි තුන්දෙනෙක් විතර හම්බෙලා තිබ්බත් පාරක තොටක දැක්කොත් අඳුරා ගන්ඩ බැරිවෙයි කියා හිතන්නේ නැත.ඒ තරමටම මූන මතක මට ඒවගේ කතාවක් කියපු පලවෙනි කෙල්ල ඒ කෙල්ල නිසාය.
හුටා කෙල්ලගෙන් කෝල් එකක් එනවාය.මම දැන් නවතිනවාය. කොයි චන්ඩියාටත් අදාල ෆැක්ටර් මටත් අදාලය
ඔන්න දවසක් බිලිං ගෙඩියකුයි පිපිඤ්ඤා ගෙඩියකුයි කයියක් ගහගෙන ඉන්නවලු. බිලිං ගෙඩිය හෙන දුකින් පිපිඤ්ඤා ගෙඩියට මෙහෙම කියනවලු...

“බලපං පිපි.. මම ලොකු උන දවසක මිනිස්සු මාව ලුණු දාල බෝතල් කරනවලු බං.”

එතකොට පිපිඤ්ඤ ගෙඩිය ඒ තරංම දුකින් මෙහෙම කිව්වලු.

“අපෝ ඒක මොකක්ද.... මම ලොකු උන දවසක මිනිස්සු මගෙ හම ඇරල පෙති කපල ලුණුයි ගම්මිරිසුයි දාල බයිට් එකට ගන්නවලු මචං”

මේක ඇහුනලු මෙතනින් ගිය ශිෂ්ණ මල්ලි කෙනෙක්ට. එයත් කට ඇරියලු. කඳුළු බේරෙනවලු.

“උඹල වාසනාවන්තයි බං. ඉහි ඉහි... උඹලට වේදනා විඳින්න වෙද්දි මැරිල ඉවරයි. මට එහෙමද... මම ලොකු උණාම මිනිස්සු මගෙ ඇඟට රබර් බෑග් එකක් දාල මගෙ හුස්ම හිර කරල මාව හෙන ගඳ... පාළු... කළුවර කාමරේකට දාල මට වමනෙ යනකං ඩිප්ස් ගස්සනව බං. පණපිටින්...”
පාරෙ කවුරු හරි යනෝ නං මූගෙ වැඩේ කලිසම පහත් කරල අහවල් 1 පෙන්නනවලු.
මූගෙ mom ට මේක හෙන අවුල් ලු.
දවසක් mama ට ගණ දෙවි නුවණ පහල වුනාලු.
ඒ පාරෙ යන බඩ තඩි සුරංග මාම පාරෙ යනකොට ඔන්න සිරිපාල පුරුදු වැඩේ කොරන්න හැදුවලු.
එතකොට උගේ mama ඌට මෙහෙම කිව්වලු.
"පුතේ . අර මාමගෙ බඩ පේනව නේද? ඔයා ඔය විදියට රෙදි ගැලෙව්වොත් ඔයාගෙ බඩත් අ‍ර වගේ වෙයි",
ඔන්න සිරා සිරාවටම බය උනාලු .
මූ අර වැඩෙත් අතෑරියාලු.
දවසක් සිරායි උගේ mom තුයි shopping ගොහිං එනකොට බස් 1ඒ පට්ට සෙනගලු. .
ඒ අස්සෙ චූටි හුරතලී බස් එකට නැග්ගලු.
සිරා වාඩි වෙලාලු හිටියෙ.
චූටිත් මේ වෙනකොට බඩ වෙලාලු
සිරා ගාවට ගිය චූටි seat 1 ලැබෙයි කියල ඇබරි ඇඹරි ඉන්නවලු.
ම්හු. අරූ නෙවි හෙල්ලෙන්නෙ වත්.. .
ඒ පාර හුරතලී ඇබරිලා කිව්වලු. .
"පුතා මට seat 1 දෙන්න කීල"
පස්සෙ සිරා ගත් කටටම කිව්වලු. ,
" හ, යකෝ මේක හරි කෙලියක් නේ, එක එකාට ‍රෙද්ද උස්සල . , අපිට බස් 1ක වාඩි වෙන්නත් නෑ " කියල.
ඔන්න පට්ටම කාලෙකට පසසෙ කතාවක් දානව ඈ. පහුගිය දොහේ උඹලත් එක්ක මෙතන කාලෙ කන්න ආවෙ නැති නිසා රී පෝසට්ද දන්නෙත් නෑ ඕන්

උඹල දන්නවනෙ අපේ බණ්ඩාරනායක මහත්තයා. සිරිමාවො මැතිනියගෙ හබී එයා ගැන තමා කතාව. ඔන්න මචං දුක් විඳින මහජනතාවගෙ සාපෙ වැදිලද නැත්තන් වෙන මොකකද හිතාගන්න බැරි හේතුවක් නිසා අපේ ලොක්ක මැරුණෙ ෆයර් වෙලාලු ඒ කියන්නෙ මල්ලි කෙලින් වෙලාලු. දැන් මල් ශාලාවට අරන් ගියාට පස්සෙ එම්බාම් කොරල එහෙම ඇඳුම් ඇන්දුවාම බඩට යටින් මධ්‍යම කඳුකරේ වගේ අහවල් එක උඩ ඇවිත්ලු. තලලා, ලණු දාල බැඳල බැලුවලු හරියන්නෙම නෑලු. මැරුණාම එව්ව එකත් ගල් වෙනවනෙ බොලල්ල. දැන් මේක රාජ්‍ය මට්ටමේ ගැටළුවක් නිසා මල් ශාලාවෙ උන් මැතිණිට මේ සීන් එක කීවලු. ඉතින් මැතිණිත් හොඳටම අප්සට් වෙලා කීවලු මොනව කරල හරි කමක් නෑ අනේ අපිට ලැජ්ජ නොවන විදියකට මිණිය එවන්න කියල. ඔන්න මල් ශාලාවෙ බුවත් වැඩේ ඉවර කරලා පට්ට පෙට්ටියක එහෙම දාලා මිණිය ගෙනාවලු. කිසි අමුත්තක් නැතුව ගාම්භීර පෙනුමට තියෙන හබීගෙ මිණිය දැකල මැතිණි අර මල් ශාලාවෙ බුවාව පැත්තකට අරන් ගිහින් ඇහුවලු අර උදලු මිටක් වගේ මහා ශිෂ්ණ රාජයාට මොකද කලේ කියලා. ඒ පාර මෑන් ඇඹරි ඇඹරි කියපි අනේ දැන් ඒව ඕනි නෑනෙ ඔය තියෙන්නෙ අපූරුවට බොඩිය කියල. ඒත් මැතිනිට මේක දැනගන්නම ඕනලු. ඒ පාර බුවා මැතිනිගෙ කනට කරල කීවලු මම ඒක කපලා ලොක්කගෙම පුකේ එබුව කියල. ඒ පාර මැතිනි උඩ පැන පැන අත්පුඩි ගගහ කියපිලු හොඳ වැඩේ ඕකට. හොඳම වැඩේ. ඕක ඉන්න කල් මට කලෙත් ඔය ටිකම තමා කියල.
මේ කතාව 2013 වැලන්ටයින් වෙනුවෙන් ලියපු එකකි, මුල් රචකයන් දෙදෙනාගේ අවසරය ඇතුව පලකරන ලදී.
(ඡේද අවසානයේ වරහන් තුළ ඇති ඉලක්කම එම ඡේදය සඳහා යොදාගත් ගීත ප්‍රමාණයයි)

- Y දිස් කොලවරි D -

පිංවතුනි සන්සුන්වන්න.. අද වර්ෂ 2013ක් වූ පෙබරවාරි මස 14 වෙනිදා.. මේ උතුම් වූ වැලන්ටයින් දිනයේ ඔබ සැම මෙහි රැස්වෙලා බොහොම ආදරෙන් එකිනෙකා බදාගෙන ඉඹගෙන ඉන්නවා දැක්කම මට මතක් වෙනවා එක කතාවක්.. ඒ කතාව පටන් ගන්නෙ මෙහෙමයි..

දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි.. නිහඬ මාවතේ පාළු නිවහනේ රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්.. නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්.. කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවී සිහිවෙන විට මට ඉවසුම් නෑ.. දුක සේ ගෙවමී මේ කෙටි කලත්..
මහ වැස්සක ලකුණු කියන වලාකුළක් පාත් වෙලා, මිණි මිණි පොද වැටේවි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි.. අහස නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි..
වැහි දිය මහ බිම තෙමුවට තෙමුණු සුදු ගවුමේ ඇයි ද ඔබ මේ? හදිස්සියේ හනි හනිකට ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න.. (14)

ඔව් පිංවතුනි, ඔබ අවබෝධ කරගත් ආකාරය නිවැරදියි.. ඒ දහිරියවන්ත පුරුසයා රෑ නිදි නැතිව ඉන්නවා තමන් හිතින් පෙම් කරන පෙම්බරී දැකගන්න . අන්න ඒ වෙලාවෙදි තමයි මහ වැස්සක් වැහැලා ඒ වැස්සට තෙමිලා බෙරිවුන කෙල්ල වැස්සෙන් බේරෙන්න ඒ කොලුවගෙ ගෙට එන්නෙ.. ඉතින් පිංවතුනි මේ කොලුවා තමන්ගෙ සම්පූර්ණ පුරුස දහිරිය දාලා ඒ දැරිවිට ආදරේ ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට..

ඔබ දුටුව ඒ දිනේ සිත මට කීවා, පවසන්න ඒ වදන් මා මග බැලුවා.. ඔයා හිනා වෙන්න එපා ඔහොම රේණු.. ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි.. මා කාටවත් නෑ මෙලෙසින් කියා.. අනේ රත්තරං හිතට වද නොදී තුරුළු වෙන්න ආදරෙයි කියා.. (5)

ඒක ඇහුන ගමන් ඒ දැරිවිගෙ සර්වාංගෙම විලි ලැජ්ජාවෙන් කිළිපොලා යනවා පිංවතුනි, මේ බලන්න මගේ ඇඟෙත් මයිලුත් කෙලින් වෙලා.. මල් මිටියත් අතේ තියන් කිරිවෙහෙර පැත්තට යන තමන් දිහා හොට දිග පිළිහුඩ්ඩෙක් වගේ බලාගෙන ඉන්න මේ කොලුවා ගැනත් ඒ දැරිවිගෙ හිතේ ආදරයක් තිබිලා නැත්තෙ නෑ පිංවතුනි.. ඉතින් මේ ඉස්ටෙයිට් පෝවඩ් දැරිවි උත්තර දෙනවා මෙන්න මෙහෙම..

දෑ සමන් රේණු ඉහින සියුම් සීතලේ මටම මම අවනත නොවී නුඹට බැඳි සෙනෙහෙන් ආදරේ දැයි අහනවා, මේ තරමටම ළං වෙලා මට.. මං ඉතින් මොනවා කියන්නද, ආදරේ මිස... අද හවසට මා හමුවනු මැනවී මුළු ලොවට හොරෙන්.. (5)

ඉතින් පිංවතුනි, හවසට මුණගැහෙන උත්තරීතර බලාපොරොත්තුව අර කොලුවා ඉදිරියේ තියලා ඒ දැරිවි සමුගන්නවා. හවස් වෙලා ඇවිත් කොලුවා ඒවි කියලා ඇස් රිදෙනකන් බලන් හිටියත් ඒ දුස්ට කොලුවා එන්නෙ නෑ.. ඉතින් කෙහෙල් මලක් වගේ අහිංසක සුකුමාලී මෙන්න මෙහෙම තමන්ගෙ දුක කියනවා පිංවතුනි..

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ.. ඉතින් නම් තවත් බැහැ මට, දෑස රිදෙනවා පාර බලා ඉඳලා.. හිත තලන පෙළෙන පෙම්බරාන., හිතාවතාන කියන්න, ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්.. ඔයා නිසා මගේ සිනහා කෝ දැන් හීනයේ.. ගං තෙරේ මා පාළුවේ.. (8)

තමන්ගෙ ආදරී දැකගන්න රෑ නිදි නැතිව ඉන්න කොලුවගෙ හදේ ලව් ගින්නක් වගේ.. ආහ් නෑ නෑ, ලැව් ගින්නක් වගේ පැතිරුණ ආදරේ අර කෙලි පොඩිත්තට කිව්ව දවසෙ හවසම මුන නොගැහි ඉඳීවිද? ඒක හරි අභව්‍යයි නේද පිංවතුනි?

මගෙ බිසවුනේ අසාපන්, තාමත් හන්දියෙ අඹ ගහ යට මම නුඹ එනකන්.. තරහා වනු එපා.. අයදිමි මා කමා (3)

බලන්න පිංවතුනි, රේණු උපාසිකාව ගංතෙරේ ඉඳිද්දි කොලුවා අඹ ගහ යටයි ඉඳල තියෙන්නෙ. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් ටික දවසකට පස්සෙ කොලුවා මෙන්න මෙහෙම කියනවා..

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ මග බලා හිඳිමි මා මල් මිටක් තියන්න ඔබ අතේ.. ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි ඔබ නාවෙ ඇයි මිහිරියේ.. තනි වී අඳුරූ යාමේ මා හඬනා මේ වෙලේ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ.. (7)

ඊට පස්සෙ කොලුවා කොච්චර දවස් බලන් හිටියත් ඇය එන්නෙ නැහැ පිංවතුනි.. ඒ ඇයි කියලා අපි රේණු උපාසිකාවගෙ වචන වලින්ම අහමු..

මතකද ඔබට මතකද.. හිරුද මිය ගිය එක සැඳෑවක මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා දුරක පාවී ගියා රිදවාලා ඔබ මසිත මෙසේ.. පමා වැඩියි ඔබ පමා වැඩියි, දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී.. නොපැතූ සේ යා යුතුවෙයි මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ.. දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ.. දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ.. (9)

මේ කොලුවා පෙම්බැන්ද පෙම්බරී ආපහු මුණගැහෙන්නෙ ඇයගෙ වෙඩිම දවසෙදි.. ඒ අවස්ථාවෙදි ඔහුගේ දුක පිටවෙන්නෙ මෙන්න මේ ආකාරයටයි පෙම්වතුනි..

පාට පොදක් තිලක ලා නළල් තලාවේ සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි.. සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා.. ඔබ යන්න සමු අරං.. හිත හදාගන්න බැරි වේවි, දුක දරා ගන්න බැරි වේවි, ඔබ නැතුව ඉන්න බැරි වේවී..
සමුගෙන යන්න කලින් ඔබ නොමැතිව සිනහ නගන යුරු මට කියා දී යන්න..... (7)

කෙටි කාලයෙ පෙම්වතෙක් වෙලා ඔබ ගියාම දුක මට දී මතකයන් ඔබේ හිතේ තබාගෙන වේදනා යා කළේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින්... (4)

හරිම උද්වේගකර අවස්ථාවක් දැන් උදාවෙලා තියෙන්නෙ පෙම්වතුනි, එක පැත්තක ඉඳන් කොල්ලා අඬනවා වතුර හිඳුන විලේ ඉන්න ඉබ්බා වගේ.. අනිත් පැත්තෙන් රේණු උපාසිකාව අඬනවා වඳින්න ගිය දේවාලෙ හිටිය ගොනා ඇන්න ගෑණි වගේ..

පිංවතුනි, දැන් ඔබට වැටහෙනවා නේද මේ ලෝකෙ කොයි තරම් කූරද කියලා.. රේණු දැරිවි අහිමි උන දුකෙන් ඉන්න කොලුවා එක දවසක දකිනවා ඒ උපාසිකාව තමන්ගෙ උපාසක හබියා එක්ක යන හැටි.. ඒ අවස්ථාවෙදි කොලුවට ඇතිවෙන දුකට මෙන්න මෙහෙම කියවෙනවා..

ආදර මල් පවනේ ඉරි තැලුණු වළා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ පෙරදිනයක මා පෙම් කළ යුවතිය වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා.. අන් සතු වී ඇත මා සතු ඒ සිත.. එයා පැළැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටිමි.. මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය, සෙනෙහස සඟවා දෙනෙත් නුරාවෙන් මටද ආදරේ කියා තිබේ..
මම දන්නෑ තාම දන්නෑ අදහන්න බෑ ඔබද මේ.. සිඳලන්නෙ ඇයි ප්‍රථම ප්‍රේමේ....... (9)

පිංවතුනි ඔබලාගේ පිං රිම් එකෙන් ගියා නේද මේ කොලු පැටියාගේ තුන් කුළුඳුල් ප්‍රථම ප්‍රේමෙට උන සන්තෑසිය ඔබලාගේ කන් දෙකෙන්ම අහලා.. උතුම් වූ වැලන්ටයින් දිනයේ මේ පිංබර කතා වස්තුවෙන් ඔබලාත් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ..
දැන් බලන්න පිංවතුනි, මේ කොලුවාට තමන්ගේ පෙම්වතිය අහිමි වුනේ ඇයි කියලා... රේණු උපාසිකාව ගංතෙරේ ඉඳිද්දි කොලුවා අඹ ගහ යටයි ඉඳල තියෙන්නෙ. මේකෙන් ඔය පිංවතුන්ට ගන්න ඇහැකි ආදරුසේ මොකක්ද දන්නවද?

කවදාවත් පෙම්වතිය/පෙම්වතා හමුවෙන්න අඹ ගහක් තෝරා ගන්න එපා පිංවතුනි.. ඔය පිංවතුන්ටත් අර කොලුවා ට සිද්ධ වුන දේ වෙනවා.
අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි! —