Thursday, October 17, 2013

රබර් කොපුව


සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....

ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....




ඇත්ත පිස්සෙක්


එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."



තුන වැදුන වෙලාව

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

"මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.













හෝටල් බිල


මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....



ඕං සීයේ මගේ වැඩ


ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

"මොකො කොළුවෝ උනේ ? "

"අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

"ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

"දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.



නොසිතූ වාසියක්


පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා"

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.
















අයියා එන්න පුළුවන්


දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
නතර කරනවා..

2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...





වෙස් මාරුව


මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

" නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"



මෙන්න නියම ප්‍රශ්න 10 ක්



1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???





නිගමනය


1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

"වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

" මගේ නිගමනය හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"




ලියුම් පෙට්ටිය


දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

උඩට ගිය ඇම්ඩා
මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...




වැඩිපුරම ඩෝප්


මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...

Wednesday, October 9, 2013

ඔන්න එක පොරක් ඉන්නවලු ඕනෑම ලී ජාතියක් අතින් අල්ලන්නෙවත් නැතුව සුවඳ විතරක් බලලා හරියටම ලී ජාතියේ නම කියන.

දවසක් කොල්ලො සෙට් එකක් පොරට වැඩක් දෙන්න සෙට් වෙලා පොරවත් එක්කගෙන ඇවිත් ඇස් දෙකත් බැදලා එක එක ලී ජාති පොරට දෙනවලු. පොරත් ඒ ලී අතින්වත් අල්ලනෙ නැතුව එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා මේක කොස්, මේක පොල්, මේක දෙල් කියලා හරියට නම් කියනවලු, දැන් කොල්ලන්ට මාර කෙස් එකලු, මොන ලී ජාතිය ගෙනාවත් මේ යකා හරියටම නම කියනවලු,

ඔන්න ඉතින් කොල්ලො සෙට් එක ටිකක් එහාට ගිහින් කුටු කුටු ගාලා මොනවද කතා වෙලා එක කොල්ලෙක් යන්න ගියාලු. ටික වෙලාවකින් අර කොල්ල ලස්සන කෑල්ලක් (ඒ කියන්නෙ ගැහැණු පරානයක්) අරගෙන ඇවිත් අර පොරට කිව්වලු ඔට්ටුයි මේ ලී ජාතියෙන් නම නම් කියන්න බැහැයි කියලා.

පොරත් ඉතින් නොන්ඩි හිනාවක් දාලා මම නොදන්න ලී ජාතියක් මේ ලොකේ තියෙන්න කොහොමද කියලා ටිකක් කිට්ටු වෙලා සුවඳ බැලුවලු, ටිකක් අප්සෙට් වගේ නිසා අනිත් පැත්ත හරවන්න කිව්වලු, එත් ටිකක් අවුල් වගේ නිසා අපහු කලින් පැත්තම හරවන්න බලලා, මේකනම් ලීයක් වෙන්න බැහැ කියලා කිව්වලු, එත් කොල්ලො සෙට් එකම කිව්වලු නැහැ නැහැ ඔක ලීයක්ම තමයි කියලා, ඊට පස්සෙ අපහු අර පොර එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා පස්සෙ ටිකක් කල්පනා කරලා කිව්වලු, මට ලී ජාතියනම් හරියටම කියන්න අමාරුයි එත් මාළු ලෑල්ලක් ලැට් දොරකට ගහලා තියෙනවා, අන්න ඒ ලැට් දොර තමයි මේ ගෙනත් තියෙන්නෙ කිව්වලු
A family is at the dinner table.
The son asks his father, 'Dad,
how many kinds of boobs are
there?'
The father, surprised, answers,
'Well, son, there are three kinds
of Boobs. In her 20's, a
woman's are like melons, round
and firm. In her 30's to 40's,
they are like pears, still nice but
hanging a bit. After 50, they are
like onions'.
'Onions?'
'Yes, you see them and they
make you cry.'
This infuriated his wife and
daughter so the daughter said,
'Mum, how many kinds of
'willies' are there?'.
The mother, surprised, smiles
and answers, 'Well dear, a man
goes through three phases. In
his 20's, his willy is like an oak
tree, mighty and hard. In his
30's and 40's, it is like a birch,
flexible but reliable. After his
50's, it is like a Christmas Tree.'
'A Christmas tree?'
'Yes - the root's dead and the
balls are just for decoration.
ඇම්ඩා සහ ලෝදිය කෝප්පය..

ඔන්න මචන් ඇම්ඩා ගොඩක් පව් කරලා තියන හින්ද මැරුණට පස්සේ අපායට ගියාලු. යම රජ්ජුරුවෝ මුව interview කරලු.
මුගේ history එක check කරන කොට යම රජ්ජුරුවන්ට මාට්ටු උනාලු මු නින්දෙන් වත් හොද වචන කතා කරපු එකෙන් නෙවෙයි කියලා.
කියන තරමක් කියලා තියෙන්නේ කුනුහර්පලු.
ඉතින් මේකට දඩුවම හැටියට යම රජ්ජුරුවෝ නියම කරාලු ලෝදිය කෝප්ප දාහක් පොවන්න..
පස්සේ job එක staff යමයෙක්ට පවරලා මෑන්ස් ගියාලු පොඩි ඇලට් එකක් දාන්න.
පැයකින් දෙකනින් විතර වගේ යමරජ්ජුරුවෝ ආපහු ආවලු මුට මොකද උනේ කියලා බලන්න.මොකද පොර දන්නවලු ඕනෑම ලොක්කෙක්
ලෝදිය ෂොට් 3 ක් ගහනකොට පෙනේරයක් වගේ වෙනවා කියලා.
මෑන් ඇම්ඩා ගේ room එකට ආවලු.. මෙන්න ඇම්ඩා කිසිම අව්ලක් නැතුව ඉවර උන ලෝදිය බැරල් එකක් උඩ නැගගෙන කකුල් දෙකත්
පද්ද පද්දා ආතල් එකේ ඉන්නවලු.
උට ලෝදිය පොවන්න නියම කරමු යමයා ඇම්ඩා ට බැන බැන ලෝදිය බැරල් එක වටේ කැරකෙනවලු...
මේක දැකලා ලොක්කට මල පැන්නලු.පොර අහනවලු
"මෙච්චර වෙලා ගිහින් තොට තාම එක ලෝදිය කෝප්පයක් වත් පොවා ගන්න බැරි උනාද මේ නරයට ?"
එතකොට යමයා කිව්වලු
"මොන ලොදියද සර්..ලෝදිය කෝප්පයක් ගන්න බැරල් එකට නැමෙන්න බෑ මූ *කේ අරින්න එනවා.."
මේක මචන්ලා කොලඹ නගර සබාවට ආපු කෝල් එකක් හරිය..පත්මේ කියලා ඩයල් එකක් තමයි කෝල් කරලා තිබ්බේ..

පත්මේ : හෙලෝ නගර සබාවද??

නගර සබාව : ඔව් කතා කරනවා කියන්න..

පත්මේ : මම ඩෝසන් වීදියෙන් කතා කරන්නේ පත්මේ..මහත්තයා අපේ මේ ගෙවල් ගාව තියන විදී ලාම්පුව හරියට වෑඩ කරන්නේ නෑ...

නගර සබාව : කවදා ඉදන්ද වෑඩ නෑත්තේ??

පත්මේ : දෑන් සුමාන දෙකකට වෑඩියි..අපිට හරිම කරදරයි ඒක නෑතුව..

නගර සබාව : දෑන් ඒ කියන්නේ ඕක වෑඩ කරන්නෙම නෑද්ද??

පත්මේ : මෙහෙමයි මහත්තයෝ ලයිට් කනුවට හොද කුනුහරුප දෙකක් කියලා පයින් ගෑහුවහම ටික වෙලාවක් යනකොට වෑඩ කරනවා ඒත් ඉතින් ඕක හෑමදාම කරන්න බෑනේ..

නගර සබාව : මේකයි ලොක්කා අපිට මේ වෙලාවේ හෑටියට කවුරුත් ඕක හදන්න එවන්න විදිහක් නෑ..අඩුම තරමේ තව සුමාන 3ක් වත් යයි..හෑබෑයි බොස්ට පුලුවන්නම් දවස ගනේ කුනුහරුප දෙකක් කියලා ඕකට පයින් ගහන්න අපිට පුලුවන් ඔබතුමාගේ නම දවසේ පඩි ලෑයිස්තුවට දාන්න..

පත්මේ : මුන්ගෙ @$%@#%$%$@%@##@$%#@@%
ඔන්න මචන්ලා ටීච කෙනෙක් ඈවිල්ලා පොඩි පන්තියක උගන්වනවලු..

ටීච : කෑලුම් කියන්න බලන්න මට සිරියාවේ ජනදිපති කවුද කියලා ?

කෑලුම් : මම දන්නෙ නෑ මිස්

ටීච : හොදටම මදි ඔය ලමයා. ඔයිට වඩා ඉගෙනිම ගෑන අවදානය යොමු කරන්න ඕනේ..

කෑලුම් : මිස් මම මිස්ගෙන් ප්‍රශ්නයක් අහන්නද??

ටීච : ඔව් අහන්න..

කෑලුම් : මිස් දන්නවද සනී ලියොන්?

ටීච : නෑ මන් දන්නේ නෑ.

කෑලුම් : හොදටම මදි මිස් මීට වඩා මහත්තයා ගෑන අවදානය යොමු කරන්න ඕනේ...
පොලිස් රාළහාමි මහත්තයෙක් පාරක් අයිනේ හැංගිලා වාහන වලින් ගතමනාවක් හොයා ගන්න බලාගෙන ඉන්නවලු... ඒත් එක වාහනයක්වත් කිසිම වැරැද්දක්වත් නැතිව පාරේ යනවලු... වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණු පොලිස් රාළහාමි ඉස්සරහට ගිහන් බැලුවලු මොකද වෙලා තියෙන්නේ කියලා... එතකොට තමයි දැක්කේ.. පොඩි ළමයෙක් පාරේ අයිනේ ඉඳලා බෝඩ් එකක් උස්සගෙන ඉන්නවලු “ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා“ කියලා... ඉතිං මළ පැනපු රාළහාමි පොඩි එකාගේ විස්තර හොයලා බලනකොට පොඩි එකාගේ අයියා පොලිස් රාළහාමි හිටපු තැන පහුඋනාට පස්සේ ඉන්නවලු සල්ලි කොළ මිටියකුත් තියාගෙන... ඌ එතන බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවලු “ඔත්තුව දුන්නට ආධාරයක් කරන්න“ කියලා.....
පන්තියක උගන්න උගන්න හිටපු ටීචර් එක පරම සිරිපාලව නෑගිට්ටවල කිඋව, හොදයි සිරිපල කියන්න බලන්න ඔයා ගෑනු ලමයෙක් එක්ක රෑ කෑමකට ගියහම එයාට ඔයා කොහොමද කියන්නෙ චූ කරල එන්නම් කියල ..??

සිරිපාල *-* ටීචර් මම කියනවා, මේ මම ඔතෙන්ට පොඩ්ඩක ගිහිල්ල එන්නම් කියල ගිහිල්ලා එනවා ...

ටීචර් *-* එහෙම බෑනෙ මෝඩයො , එතකොට එයා අහනවනෙ ඔතෙන්ට කියන්නෙ කොතෙන්ටද කියලා ........../ හොදයි එහෙනම් සුදේව කියන්න බලන්න ඔයා කොහොමද මේක කියන්නෙ කියලා..

සුදේව*-* ටීචර් මම කියනවා, මෙ මෙයා, mey i go to the toilete..?

ටීචර්*-* එහෙමත් බෑනෙ පුතා කෑම කද්දි ටොයිලට් ගෑන මතක් කරන්න හොද නෑනෙ... හොදයි පිසාචයා කියනව බලන්න තමුන් කොහොමද ගෑනු ලමයෙක් එක්ක රෑ කෑමකට ගියහම මේක කියන්නෙ කියලා ...???? *
*
*
*
*
*
*
*
පිසාචයා *-* ටීචර් මමනම් කියනවා, මේ ඔයා ඔහොමම ඉන්න මම මගෙ යාලුවෙක් ඉන්නවා එයාට handshake එකක් දාල එන්නම් කියල * //// අප්පෝ අර අතට අත දෙනවා කියන්නෙ///* මම ඔයාට පොරොන්දු වෙනව එයාව ඔයාට රෑ කෑමෙන් පස්සෙ අනිවරෙන්ම අදුන්වලා දෙනව කියලා ඔයා ඒ ගෑන සත පනහකටවත් බයවෙන්න එපා කියලා....*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*..*.*.*.*.*.*.*.*.*.*.*.*.*.*..*
ඔන්න සිස්සත්තෙන් ගොඩගිය දූලා පුතාලා සංතෝස වෙන අතරෙ.. ඒ කඩඉම ජය ගන්ට බැරි උනු පොඩ්ඩො නං හිටියෙ දුකින්.. ඉතිං අපේ අහිංසක මාද්දිය වේදියෙක්.. මේ පැරදුණු පොඩ්ඩෙක් හොයාගෙන පාර දිගේ ගියා..

ඔන්න ඉස්සරහට එනවා.. පුංචි කොලු පැටියෙක්.. අම්මා ඔලුව අතගානවා.. කොලුවා නං ටිකක් දුකින් වගේ ඉන්නෙ.. අපේ මිත්‍රයා කතා කරලා බලන්න හිතුවා..

මා: මේ පුතා මේ පාර සිස්සත්තෙ ලිවුව කෙනෙක් ද?
අ: ඔවු..
මා : කොහොම ද ප්‍රථිපල?
අ: ප්‍රථිපල හොඳයි.. 185යි.. රෝයල් එකට යන්න පුළුවන්..
මා : එහෙනම් ඇයි මේ පුතා දුකින් වගේ..?
පු: නෑ අංකල්.. මං කැමතියි මේ ඉස්කෝලෙම ඉන්න.. මට කොළඹ ගිහිං බෝඩ් වෙලා ඉන්න බෑ.. අම්මලත් නෑ..
මාද්දිය වේදියා ට පොඩි එකාගේ දුකින් වැඩක් නැත.. ඔහු ඔවුනට සමුදී.. පේල් උනු එකෙක් සොයා මෙහෙයුම ඇරඹුවා.. ඉස්සරහට එන්නේ කෙලි පැංචියෙක් සහ අම්මා කෙනෙකි.. දෙදෙනාගේ ම මූණු නාලු වී ඇත.

මා: දුව මේ පාර සිස්සත්තෙ ලිවුවා නේද?
දු: ඔවු.
මා: විභාගෙ පාස් ද?
දු: ඔවු..
මා: එහෙනං ඇයි මේ දුකින්..?
අ: මේකි පාස් උනාට වැඩක්ය.. ඔය ලකුණු වලට ඉන්න ඉස්කෝලෙවත් තියාගත්තොත් ලොකු දෙයක්..

ඇඟේ තැනින් තැන හිරිවැටීමක් ඇතිවෙන ගතියක් දැනුනෙන් මාද්දිය වේදියා හෙමීට එතනින් මාරු උනා.. සිස්සත්තෙට ලිවුවා යැයි හිතන්ට පුළුවං කොලුවෙක් තාත්තත් එක්ක හරි සංතෝසෙන් හිනා වෙවී එනවා.. පාස් වෙච්ච එවුං එක්ක නං කතා කරලත් වැඩක් නෑ.. කමක් නෑ නිකමට වගේ කතා කරනවා කියලා හිතපු අපේ මිත්‍රයා.. දෙන්නව පොඩ්ඩක් නැවැත්තුවා..

මා: පුතා සිස්සත්තෙන් පාස් වෙලා වගේ..
පු: නෑ මං පේල්
මා: ඉතිං කොහොමද පුතා ඔච්චර සංතෝසෙන් ඉන්නෙ..?
තා: හැමෝටම විබාගෙ පාස් වෙන්න බෑ නෙ.. මේක තරඟ විබාගයක්නෙ..
පු: අපේ අම්මා නං කියන්නෙ ඔහොම නෙවෙයි.. එයා තමයි පහුගිය අවුරුදු තුනේ ම මට ඉන්න දෙන්නෙ නැතුව.. පංති පස්සෙ දිවුවෙ..
මා: ඉතිං අම්මට දුක ද? පුතා පේල් උනාට..
පු: ඔවු.. ඔය අඬ අඬා ඉන්නෙ.. මං නං කියන්නෙ ඔහොම වෙන්න ඕන.. හොඳ වැඩේ.. සාදු! සාදු!
සුරන්ග අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.
අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.
බාර් කීපර් සුරන්ගයාට කෑගැසුවේය. “ඔයා දැක්කද ඔයාගේ වඳුරා මේ දැන් කෙරුවේ මොකක්ද කියලා?”
”නැහැ, මොකක්ද?” සුරන්ග ඇසුවේය.
”ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා” බාර්කීපර් පැවසීය.
”ආ... ඒක මට පුදුමයක් නෙවෙයි.” සුරන්ග පිළිතුරු දුන්නේය.” පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්” යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.
දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.
පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.
බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. “ඔයාගේ වඳුරා දැන් කළ දේ ඔයා දැක්කද?” ඔහු සුරන්ගගෙන් මසුවේය.
”ඒ පාර මොකක්ද?” සුරන්ග පෙරළා ප්‍රශ්න කළේය.
”ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා” බාර්කීපර් කීවේය.
”ආ... ඒක මට පුදුමයක් නෙවෙයි” සුරන්ග පැවසීය. “ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර ජරා බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ ඉදන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා.”
ලෝකයේ පොඩිම සුලංගනා කතාව……

වැඩකාරයින් සදහා වේ !!!

ඔන්න දසවක් අශ්යෙවක්ගේ පිටේ නැලගා ආව රාජ කුමායෙරක් ලසස්න කුමාවරිකාක් ලටග ගිහින් ඇහුවා… " මාත් එක්ක විහාව වෙන්න කැතමිද කියලා "
කුමාකාරිව එක පාරමට බැහැ කිවුවා……
ඊට පස්සෙ කුරමායා හැදැමාම සටුතින් හිටියා……

මිනිස් මොලය හරි පුදුකාමාරයි… සංර්කීනයි…
අකුරු අපිලෙවිලට තිබුනත් කිවයන්න පුලුවන්…
ඔයාටත් පුවලුන් නම් ලයික් කමෙට්න් කනර්න……
ඔන්න එක හැන්දෑවක සුපර් මෑන් ආව ජෝකර් මල්ලිව හම්බ වෙන්න.

“මචං ජෝ.... යමුද බියර් එකක් ගහන්න”

“අනේ බෑ මචං.. අද හිල් කතාවක් ලියන්න තියෙනවා. අනික උඹ බිව්වම කිසි කමකට නෑ කියල කට්ටිය කියනව බං. ගිය සතියෙත් මිනිහෙක් උඹ කිව්ව කියල පියාඹන්න ගිහින් බිල්ඩිමෙන් වැටිල මළාලු. ස්පයිඩ මෑන්ගෙන් අහල බලපං. ඌ එයි”

ජෝකර් මල්ලි කිව්වා.

ඒ පාර සුපර් මෑන් ගියා ස්පයිඩ මෑන් හම්බවෙන්න.

“හේයි.. ස්පයිඩි... යමංකො බියර් එකක් ගහන්න. තනියම යන්න කම්මැලියි බං.”

“අනේ මට බෑ බං අද. මගේ දැල් විදින ගැජට් එකේ අවුලක්. ඒක හදාගත්තෙ නැත්තං හෙට හොරු අල්ලල හමාරයි. බැට් මෑන්ගෙන් ඇහුවද?”

ඔන්න සුපර් මෑන් ගියාලු වවුල් ගුහාවට.

“ඒයි බැටී... බියර් එකක් ගහමුද?”

“අනේ මචං මගෙ බැට්කාර් එකේ ඇන්ජිමේ අවුලක්. අද හදාගත්තෙ නැත්තං අර ජෝකරයා ගොතම් ටවුමෙ යකා නටයි. උඹ තනියෙන් පලයං”

සුපර් මෑන් මොකද කරන්නෙ කියල කල්පනා කර කර අහසෙ පා වෙවී ඉන්නකොට නිකංම වොන්ඩර් වුමන් ඉන්න හෝටලේ පැත්තට පියෑඹුනාලු . ඈතදිම දැක්ක සීන් එකෙන් පොර අන්දුන් කුන්දුන්ලු.

වොන්ඩර් වුමන් එයාගෙ බැල්කනියෙ හාන්සි පුටුවක දිගෑදිලා සැන්දෑ හිරු රැස් තපිනවලු. ඇ‍ඟේ නූල්පටක් නෑලු. රෝස පාට නිර්වස්තරේ දැක්කගමන් සුපර් මෑන්ට ඉවසන් ඉන්න අමාරුලු. පොර දැන් තනියම හිතනවලු.

“මම සුපර් මෑන්.... මම ෆ්ලෑෂ් වගේ වේගවත්. වොන්ඩර් වුමන්ට මට තරං පවර් එකක් නෑ. වේගෙන් ගිහින් වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බැරි තරං වේගෙන් ඒකිට වැඩේ කරල මට මාරු වෙන්න පුලුවන් වෙයි.”

ඔන්න සුපර් මෑන් ජොකාවත් ගලවගෙන විදුලි වේගෙන් "සූ....ස්" කියල වොන්ඩර් වුමන් දිහාට පියාඹල විදුලි වේගෙන් වොන්ඩර් වුමන්ට අතවරයක් කරල විදුලි වේගෙන් පියාඹල ගියාලු. වොන්ඩර් වුමන්ට හිතාගන්නවත් බෑලු උන දේ. නිකං "සූ..." සද්දෙ විතරලු ඇහුනෙ.

"ඒ මොකක්ද ඒ?"

වොන්ඩර් වුමන් ඇහුවලු.

එතකොට වොන්ඩර් වුමන්ගෙ ඇඟ උඩ නැගල හිටපු ඉන්විසිබල් මෑන් අමාරුවෙන් මෙහෙම කිව්වලු...

"ඒ මොකක්ද කියලනං මං දන්නෙ නෑ... හැබැයි මගේ පුක නං අම්බානක රිදෙනව ඕයි..."

අපේ ඉස්කෝලේ ටීචර්ලා අපේ පංතියට එනකොට sun glass දාගෙන ආවේ....

මොකද කියලා දන්නවද...?

..

..

..

..

..

මොකද අපි ඒ තරම්ම bright කොල්ලෝ...