ඔන්න සිස්සත්තෙන් ගොඩගිය දූලා පුතාලා සංතෝස වෙන අතරෙ.. ඒ කඩඉම ජය ගන්ට බැරි උනු පොඩ්ඩො නං හිටියෙ දුකින්.. ඉතිං අපේ අහිංසක මාද්දිය වේදියෙක්.. මේ පැරදුණු පොඩ්ඩෙක් හොයාගෙන පාර දිගේ ගියා..
ඔන්න ඉස්සරහට එනවා.. පුංචි කොලු පැටියෙක්.. අම්මා ඔලුව අතගානවා.. කොලුවා නං ටිකක් දුකින් වගේ ඉන්නෙ.. අපේ මිත්‍රයා කතා කරලා බලන්න හිතුවා..
මා: මේ පුතා මේ පාර සිස්සත්තෙ ලිවුව කෙනෙක් ද?
අ: ඔවු..
මා : කොහොම ද ප්‍රථිපල?
අ: ප්‍රථිපල හොඳයි.. 185යි.. රෝයල් එකට යන්න පුළුවන්..
මා : එහෙනම් ඇයි මේ පුතා දුකින් වගේ..?
පු: නෑ අංකල්.. මං කැමතියි මේ ඉස්කෝලෙම ඉන්න.. මට කොළඹ ගිහිං බෝඩ් වෙලා ඉන්න බෑ.. අම්මලත් නෑ..
මාද්දිය වේදියා ට පොඩි එකාගේ දුකින් වැඩක් නැත.. ඔහු ඔවුනට සමුදී.. පේල් උනු එකෙක් සොයා මෙහෙයුම ඇරඹුවා.. ඉස්සරහට එන්නේ කෙලි පැංචියෙක් සහ අම්මා කෙනෙකි.. දෙදෙනාගේ ම මූණු නාලු වී ඇත.
මා: දුව මේ පාර සිස්සත්තෙ ලිවුවා නේද?
දු: ඔවු.
මා: විභාගෙ පාස් ද?
දු: ඔවු..
මා: එහෙනං ඇයි මේ දුකින්..?
අ: මේකි පාස් උනාට වැඩක්ය.. ඔය ලකුණු වලට ඉන්න ඉස්කෝලෙවත් තියාගත්තොත් ලොකු දෙයක්..
ඇඟේ තැනින් තැන හිරිවැටීමක් ඇතිවෙන ගතියක් දැනුනෙන් මාද්දිය වේදියා හෙමීට එතනින් මාරු උනා.. සිස්සත්තෙට ලිවුවා යැයි හිතන්ට පුළුවං කොලුවෙක් තාත්තත් එක්ක හරි සංතෝසෙන් හිනා වෙවී එනවා.. පාස් වෙච්ච එවුං එක්ක නං කතා කරලත් වැඩක් නෑ.. කමක් නෑ නිකමට වගේ කතා කරනවා කියලා හිතපු අපේ මිත්‍රයා.. දෙන්නව පොඩ්ඩක් නැවැත්තුවා..
මා: පුතා සිස්සත්තෙන් පාස් වෙලා වගේ..
පු: නෑ මං පේල්
මා: ඉතිං කොහොමද පුතා ඔච්චර සංතෝසෙන් ඉන්නෙ..?
තා: හැමෝටම විබාගෙ පාස් වෙන්න බෑ නෙ.. මේක තරඟ විබාගයක්නෙ..
පු: අපේ අම්මා නං කියන්නෙ ඔහොම නෙවෙයි.. එයා තමයි පහුගිය අවුරුදු තුනේ ම මට ඉන්න දෙන්නෙ නැතුව.. පංති පස්සෙ දිවුවෙ..
මා: ඉතිං අම්මට දුක ද? පුතා පේල් උනාට..
පු: ඔවු.. ඔය අඬ අඬා ඉන්නෙ.. මං නං කියන්නෙ ඔහොම වෙන්න ඕන.. හොඳ වැඩේ.. සාදු! සාදු!

No comments:
Post a Comment