පොලිස් රාළහාමි මහත්තයෙක් පාරක් අයිනේ හැංගිලා වාහන වලින් ගතමනාවක් හොයා ගන්න බලාගෙන ඉන්නවලු... ඒත් එක වාහනයක්වත් කිසිම වැරැද්දක්වත් නැතිව පාරේ යනවලු... වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණු පොලිස් රාළහාමි ඉස්සරහට ගිහන් බැලුවලු මොකද වෙලා තියෙන්නේ කියලා... එතකොට තමයි දැක්කේ.. පොඩි ළමයෙක් පාරේ අයිනේ ඉඳලා බෝඩ් එකක් උස්සගෙන ඉන්නවලු “ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා“ කියලා... ඉතිං මළ පැනපු රාළහාමි පොඩි එකාගේ විස්තර හොයලා බලනකොට පොඩි එකාගේ අයියා පොලිස් රාළහාමි හිටපු තැන පහුඋනාට පස්සේ ඉන්නවලු සල්ලි කොළ මිටියකුත් තියාගෙන... ඌ එතන බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවලු “ඔත්තුව දුන්නට ආධාරයක් කරන්න“ කියලා.....
No comments:
Post a Comment