Wednesday, October 9, 2013

ඔන්න එක පොරක් ඉන්නවලු ඕනෑම ලී ජාතියක් අතින් අල්ලන්නෙවත් නැතුව සුවඳ විතරක් බලලා හරියටම ලී ජාතියේ නම කියන.

දවසක් කොල්ලො සෙට් එකක් පොරට වැඩක් දෙන්න සෙට් වෙලා පොරවත් එක්කගෙන ඇවිත් ඇස් දෙකත් බැදලා එක එක ලී ජාති පොරට දෙනවලු. පොරත් ඒ ලී අතින්වත් අල්ලනෙ නැතුව එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා මේක කොස්, මේක පොල්, මේක දෙල් කියලා හරියට නම් කියනවලු, දැන් කොල්ලන්ට මාර කෙස් එකලු, මොන ලී ජාතිය ගෙනාවත් මේ යකා හරියටම නම කියනවලු,

ඔන්න ඉතින් කොල්ලො සෙට් එක ටිකක් එහාට ගිහින් කුටු කුටු ගාලා මොනවද කතා වෙලා එක කොල්ලෙක් යන්න ගියාලු. ටික වෙලාවකින් අර කොල්ල ලස්සන කෑල්ලක් (ඒ කියන්නෙ ගැහැණු පරානයක්) අරගෙන ඇවිත් අර පොරට කිව්වලු ඔට්ටුයි මේ ලී ජාතියෙන් නම නම් කියන්න බැහැයි කියලා.

පොරත් ඉතින් නොන්ඩි හිනාවක් දාලා මම නොදන්න ලී ජාතියක් මේ ලොකේ තියෙන්න කොහොමද කියලා ටිකක් කිට්ටු වෙලා සුවඳ බැලුවලු, ටිකක් අප්සෙට් වගේ නිසා අනිත් පැත්ත හරවන්න කිව්වලු, එත් ටිකක් අවුල් වගේ නිසා අපහු කලින් පැත්තම හරවන්න බලලා, මේකනම් ලීයක් වෙන්න බැහැ කියලා කිව්වලු, එත් කොල්ලො සෙට් එකම කිව්වලු නැහැ නැහැ ඔක ලීයක්ම තමයි කියලා, ඊට පස්සෙ අපහු අර පොර එහෙට මෙහෙට හරවන්න කිය කිය සුවඳ බලලා පස්සෙ ටිකක් කල්පනා කරලා කිව්වලු, මට ලී ජාතියනම් හරියටම කියන්න අමාරුයි එත් මාළු ලෑල්ලක් ලැට් දොරකට ගහලා තියෙනවා, අන්න ඒ ලැට් දොර තමයි මේ ගෙනත් තියෙන්නෙ කිව්වලු

No comments:

Post a Comment